Books

 

ශ්‍රී ලංකාවේ ඩිජිටල් විපර්යාස හරහා මතු වන අභියෝග

ලේඛකයෝ: නාලක ගුණවර්ධන සහ ඉසුර සිල්වා

සම්පූර්ණ පොත මෙතැනින් බාගත කර ගන්න: http://bit.ly/DTSL-Sin

2019 අගෝස්තු. පිටු 88

81275865_10157339869127217_1032888631951360000_n

 

ඩිජිටල්කරණය නිසා සියවස් ගණනක් පැවති ආර්ථීක සම්ප්‍රදායන් හා සමාජ ක්‍රමවේදයන් ප්‍රබල ලෙස අභියෝගයට ලක් වෙනවා. ඩිජිටල් තාක්ෂණයන්ගේ ප්‍රගමනය හරහා සිදු වන පුළුල් වෙනස්කම් සමුදාය ඩිජිටල් විපර්යාස (Digital Transformation) ලෙස හඳුන්වනවා

ශ්‍රී ලංකාවේ ද ආර්ථිකය, සමාජය ප්‍රවාහයන් හා දේශපාලන ක්‍රියාදාමයන් හැම එකක්ම කෙමෙන් ඩිජිටල්කරණය වෙමින් පවතිනවා. මෙය තනි රටකට හෝ සමාජයකට නතර කළ හැක්කක් නොවෙයි. එහෙත් නව තාක්ෂණයන් අප විචාරශීලීව ග්‍රහණය කර ගත යුතුයි (critical adoption). අපට ගැළපෙන පරිදි අදාළ කර ගත යුතුයි. එය කළ හැක්කේ කෙසේද යන්නත් ඩිජිටල් තාක්ෂණයන්ගේ අහිතකර බලපෑම් අවම කර ගන්නේ කෙලෙසද යන්න මේ පොතේ සරල සිංහලයෙන් සාකච්ඡා කැරෙනවා.

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ජීවත්ව සිටියදී නිතර උපදෙස් දුන් පරිදි තාක්ෂණයක ප්‍රගමනය හමුවේ අප කළ යුත්තේ ඒ තාක්ෂණ මෙවලම් ජන සමාජයේ අවශ්‍යතා සපුරා ගන්නට සියුම්වවත්, නිර්මාණශීලීවත් යොදා ගැනීමයි.

ඩිජිටල් විපර්යාස ක්ෂේත්‍ර තුනකට බලපාන අන්දම ගැන මෙම පොතෙහි විශේෂ අවධානය යොමු කරනවා. එනම් ආණ්ඩුකරණය, වෙළඳෙපොළ ආර්ථීකය හා මානව අයිතිවාසිකම් සුරැකීමයි. මීට අමතරව සමාජ මාධ්‍ය යනු මොනවාද සහ ඒවා ලක් සමාජයට බලපෑම් කරන්නේ කෙසේද යන්න ගැන විශේෂ විග්‍රහයක් ද අඩංගුයි.

මීට අමතරව සමාජ මාධ්‍ය යනු මොනවාද සහ ඒවා ලක් සමාජයට බලපෑම් කරන්නේ කෙසේද යන්න ගැන විශේෂ විග්‍රහයක් ද පොතේ අඩංගුයි. සමාජ මාධ්‍ය යහභාවිතය හරහා ලබා ගත හැකි පෞද්ගලික සහ පොදු ප්‍රතිලාභ රැසක් තිබෙන බවත්, සංඛ්‍යාත්මක සුළුතරයක් විසින් ඒවා අවභාවිතය අවම කරනු කිරීම පිණිස එම වේදිකා භාවිතය නියාමනය කළ යුත්තේ, ප්‍රකාශන නිදහස නොනැසෙන පරිදි සහ සියලු ප්‍රතිලාභ රැක ගන්නා අතර බවත් අවධාරණය කැරෙනවා.

ආසියාවේ අනෙකුත් දියුණු වන රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඩිජිටල් සාක්ෂරතාවයෙන් සිටින්නේ පහල මට්ටමකයි. දැනට කඩින් කඩ සිදුවන ඩිජිටල්කරණයෙන් ඔබ්බට ගොස් සැබෑ ඩිජිටල් විපර්යාසයකට යොමු වීමට නම් ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය කඩිනමින් හා විශාල වශයෙන් දියුණු විය යුතුයි.

ෆ්‍රෙඩ්රික් නොයිමාන් පදනමේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් නොමිළයේ බෙදා හැරීම සඳහා ප්‍රකාශිතයි.

සම්පූර්ණ පොත මෙතැනින් බාගත කර ගන්න: http://bit.ly/DTSL-Sin

80502032_10157339870652217_8304205415822917632_n